විදෙස්

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනාවැකි පළකලේ.

ACT ප්‍රාන්තය තුළ පළමුවෙන් ලොක්ඩවුන් තත්වයක් පැණවුයේ අගෝස්තු 12 වනදායි.

එය දින 07 ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා.

මේ අනුව කැන්බරා නගරයේ සංචරණ සීමා අවසන් වනු ඇත්තේ ඔක්තෝබර් 15 වනදායි.

Related posts

බැග්ඩෑඩ් නුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

ට්‍රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment