දේශීය

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

(UTV | කොළඹ) –  මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ දිනයේ දී පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 27,873 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 5,895ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 23,616 දෙනෙකුටත්, එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 766 දෙනෙකුටත් ඊයේ ලබා දී තිබෙනවා.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,959,265ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 9,033,321ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,48,177 දෙනෙකුටත්, මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 782,959කටත් ලබා දී තිබෙනවා.

Related posts

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

Mohamed Dilsad

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

Leave a Comment