විදෙස්

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වසර එක හමාරකට අධික කාලයක් පැවති සීමාවන් ඉවත් කරමින් නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට සිය රටට ඇතුළු වීමට අවසර ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්සත් රාජධානිය, යුරෝපය සහ අනෙකුත් රටවල සංචාරකයින්ට ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට හැකි වනු ඇති.

අමෙරිකානු සංචාරක සීමාවන් පසුගිය වසර මුල දී චීනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ අතර, පසු ව එය අනෙකුත් රටවල් සඳහා ද දීර්ඝ කෙරුණා.

අදාළ සීමාවන් ලබන මාසයේ සිට ඉවත් කිරීමෙන් අනතුරු ව පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින්ට අමෙරිකාවට පැමිණීමට හැකි වනවා.

එමෙන්ම ඔවුන් එහි පැමිණීමට දින 03ක් ඇතුළත කොරෝනා ආසාදිතයෙකු නො වන බව තහවුරු කළ යුතුයි.

අමෙරිකාව මෙලෙස විදෙස් සංචාරකයින්ට රට විවෘත කරද් දී ඔවුන් ලබා සිටිය යුතු එන්නත් පිළිබඳ ව මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹී නැහැ.

එය සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය මඟින් තීරණය කරනු ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.

Related posts

මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුට

Mohamed Dilsad

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

සුළි කුණාටුවකින් ජපානයට බලපෑම්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment