දේශීය

නිරෝධායන රීති කැඩූ 491ක්

(UTV | කොළඹ) – නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 55ක් ද පොලීසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,636 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

Related posts

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

නව ආසාදිතයින් 137ක් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment