විදෙස්

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බවද වාර්තා වනවා.

කොවිඩ් ආසාදනයට ලක්වූ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගා මේ වන විට නිරෝධායනයට යොමුව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

සිසුන් 35 රැගත් බස් රථයක් ප්‍රපාතයකට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

Leave a Comment