දේශීයව්‍යාපාරික

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර්. කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවය.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වාණිජපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබේ.

එමෙන් ම, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු වන ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වේ.

මේ අතර, මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය කටයුතු කළාය.

Related posts

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment