දේශීය

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම් විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

(UTV | කොළඹ) – වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඇති වූ සිදුවීම් පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සඳහා රජය, විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (22) කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බන්ධානාගර සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ ය.

පොලීසිය සිදු කරන පරීක්ෂණයේදී මේ වනවිටත් රැඳවියන් 23 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ත් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත්තේ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ කැබිනට් රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, සිදු නොවිය යුත්තක් වන එම සිද්ධිය තමන් හෙළා දකින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ත් ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කල ගණන 12,000 ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment