දේශීය

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

(UTV | කොළඹ) – අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට පමණක් හෙට දිනයේදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹ – අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලදී හෙට සිට එය ක්‍රියාත්මකයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීත් අනෙකුත් දිස්ත්‍රික් දෙකෙහි රෝගී සායනවලදීත් එන්නත ලබාදීම සිදුවන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයන්ට 03 වන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියා.

Related posts

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 40 ක්

Mohamed Dilsad

Leave a Comment