ක්‍රීඩා

දිල්ලි කැපිටල්ස් පිල ජය ගනී

(UTV | කොළඹ) – ඩුබායිහි දී ඊයේ පැවති අයි.පී.එල්. තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා කඩුලු 08ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් පිල සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කේන් විලියම්සන්ගේ හයිද්‍රාබාද් පිල සිය පන්දුවාර විස්ස තුළ දී කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 134ක් පමණ යි.

එහි දී ඇන්රික් නොකියා ලකුණු 12කට කඩුලු 02ක් බිඳ හෙලූ අතර, කගීසෝ රබාඩා ලකුණු 37කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

අක්සාර් පටේල් ලකුණු 21කට කඩුලු 02යි.

පිළිතුරු වශයෙන් දිල්ලි කැපිටල්ස් පිල පන්දුවාර 17යි පන්දු 05ක දී කඩුලු 02ක් දැවී ලකුණු 139ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

ෂිකර් ධවාන් එහි දී ලකුණු 42ක් ලබාගත් අතර, ශ්‍රෙයාස් අයියර් නො දැවී ලකුණු 47ක් ලබා ගත්තා.

එසේ ම මේ වෙනවිට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහි ව ඩුබායිහි දී ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ තරග 9කින් 7ක් ජයග්‍රහණය කර ලකුණු 14ක් ලබා ගනිමින්.

තරග 8ක දී ප්‍රසාද ලකුණු 12ක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානයේ තවදුරටත් පසුවන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යි.

පස් වතාවක් අයි.පී.එල්. ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාළව අබුඩාබිහි දී අද පැවැත්වෙන්නේ, මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය යි.

Related posts

ආසියානු බර ඉසිලීමේ ශුරතාවට ශී‍්‍ර ලංකාවෙන් සිව් දෙනෙක්

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

Mohamed Dilsad

Leave a Comment