දේශීය

ආර්ථික අභියෝග මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව නිරීක්ෂකයින්ගේ අවධානය

(UTV | කොළඹ) – අයවැය හිඟයකට තුඩු දී ඇති ශ්‍රී ලංකාව වත්මනයේ මුහුණ දී ඇති ආර්ථික අභියෝග සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවේ නැඹුරුව පිළිබඳව නිරීක්‍ෂකයින් විවිධ මත පළ කරති.

වෙනත් අරමුදල් මූලාශ්‍ර මෙන් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමෙන් හුදෙක් ශ්‍රී ලංකාව වත්මනයේ මුහුණ දෙමින් තිබෙන ආර්ථික මෙන්ම මූල්‍ය අර්බුධයන්ගෙන් මිදීමට අවශ්‍ය සහාය ලබා දීම පමණක් වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වෙනත් කිසිඳු න්‍යාය පත්‍රයක් නොමැති බැවින් කිසිඳු ආකාරයකින්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටේ පරිපාලනය සඳහා මැදිහත් නොවන බවට හිටපු ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

අනෙක් අතට, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම තුලින් රට එහි ගොදුරක් විය හැකි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනු ලබන ඉතා දැඩි කොන්දේසි මගින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමේ ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතාවන්ට පටහැනි වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

විදේශීය මුදල් වලට සාපේක්ෂව රුපියල දුර්වල වීමට තුඩු දෙන දේශීය බැංකු, විශේෂයෙන් බැංකු අංශයේ කඩාවැටීමේ බිය හේතුවෙන් ඉදිරි මාස-12 තුළදී ඩොලර් බිලියන 6.8 ක පමණ බාහිර විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

Mohamed Dilsad

යුද හමුදාපතිට පැනවූ තහනමට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

Mohamed Dilsad

Leave a Comment