ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලාන අවසන් සටන බලන්න අවස්ථාව

(UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩුබායිහි පවතින ක්‍රීඩාංගණ වල පවතින කොවිඩ් නීතින්, ඒ ඒ ක්‍රීඩාංගණ වලට අනුව වෙනස්වන අතර මේ සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවද සඳහන් වේ.

ඩුබායි ක්‍රීඩාංගණයට ඇතුල්වෙන ප්‍රේක්ෂකයන්ට පී.සී.ආර්. වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණය සිදුකළ බවට තහවුරු කළ යුතුය. සාජා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන නීතිය එයට හාත්පසින්ම වෙනස් වන අතර වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට පමණක් තරග නැරඹීමේ අවකාශ හිමිවේ. තවද සෙසු ක්‍රීඩාංගණ වලටද පැය 48ක කාලයක් තුළදී ලබාගත් පී.සී.ආර්. වාර්තා අනිවාර්ය කර තිබේ.

මෙම නීතින් සම්බන්ධයෙන් ඉදිරියේදී සාධාරණ තීරණයක් ගැනීමට නියමිත බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අතවර චෝදනාවක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වෙයි

Mohamed Dilsad

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

Mohamed Dilsad

Leave a Comment