ක්‍රීඩා

ඊයේ ජය මුම්බායි පිළට

(UTV | ඩුබායි) – මෙවර IPL තරගාවලියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුළු 6 කින් ජය ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ අබුඩාබි හීදියි. කාසියේ වාසියේ දිනු මුම්බායි පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පන්ජාබ් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 135 ක්.

ඒඩන් මක්‍රම් ලකුණු 42 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිළ කඩුළු 4 ක් දැවී ලකුණු 137 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

හර්දික් පාණ්ඩයා නොදැවී ලකුණු 40 යි. ලකුණු 8 කට කඩුළු 2 ක් දවාගෙන , ලකුණු 15 ක් නොදැවී රැස් කළ මුම්බායි පිළේ කිරන් පොලාර්ඩ් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ අතර තරගය අද රාත්‍රී 7 යි 30 ට ඩුබායි හීදි ආරම්භ වීමට නියමිතයි.

Related posts

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද 20යි විස්ස තරඟ බිමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කල ක්‍රීඩකයින් මෙන්න

Mohamed Dilsad

Leave a Comment