දේශීය

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුත්ම නිවේදනය

(UTV | කොළඹ) – නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය‍.

අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මඟපෙන්වීම මත සිදුකර දෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාර්යාලීය රාජකාරී දිනවල පෙ.ව 9 සිට ප.ව 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහාබ 0707 677 877 දුරකථනයටත්, රියදුරු බලපත්‍ර සඳහා 0707 677977 දුරකථන අංකයටත් අමතන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

කාර්යාලීය රාජකාරී වේලාවෙන් පසුව ඔබගේ විමසීම් wattsApp/ viber / SMS පණිවුඩයක් මඟින් ඉහත අංකයන්ට යොමුකරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment