දේශීය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කලේ මෙම සීමා ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.

ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

රටේ සියලූ ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික සැලැස්ම කර ඇති බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කලා.

මෙරට ආර්ථිකය මුහුණ පෑ දැඩි ඩොලර් සංචිත හිගය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් සඳහා දැඩි ආනයන සීමා පැනවුනේ මීට සති දෙකකට ඉහතදීයි.

කෙසේවෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

Related posts

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

Editor O

අයහපත් කාලගුණයෙන් පීඩාවක් නම් අමතන්න

Editor O

Leave a Comment