දේශීය

කොවිඩ් මරණ 58ක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 58 ක් අද (01) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,964 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 31 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 27 දෙනා පිරිමි පුද්ගලයින් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 10 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 48දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (01) වාර්තා කරන ලද මෙම මරණ 58 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

Related posts

පාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයි

Editor O

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1019 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එළවළු මිල නොසිතූ ලෙස පහළ යයි..

Mohamed Dilsad

Leave a Comment