දේශීය

ලබන සඳුදා සිට බස් රථ ගැන වැඩි අවධානයක්

(UTV | කොළඹ) – ඊයේ දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නො මැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ නිරෝධායන නීති කඩකරන බස් රථ සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩ ව ක්‍රියාත්මක බවයි.

දුම්රිය ධාවනය සති දෙකකට අත්හිටුවා ඇති අතර, ඉන් අනතුරුව දුම්රිය ගමන්වාර 108ක් ධාවනයට සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලසීමාව තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු ද සිදු කර ඇති අතර, පළාත් තුළ මෙන්ම අන්තර් පළාත් ධාවනය සඳහා අවශ්‍ය කාලසටහන් ද මේ වනවිටත් සකස් කර අවසන් බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

බූස්ස නාවික හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Editor O

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට

Mohamed Dilsad

Leave a Comment