විදෙස්

පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි

(UTV | පිලිපීනය) – පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවට රොද්‍රිගෝ ඩුටෙර්ටේ පසුගියදා ප්‍රකාශ කර තිබුනත් පසුව තමන් උප ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවන බවත් සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහුගේ දියණිය ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Related posts

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

Leave a Comment