දේශීය

රිෂාඩ් ගැන විපක්ෂය ප්‍රශ්න කරද්දී කතානායකවරයාට කට උත්තර නැති වෙයි

(UTV| කොළඹ) – සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායකයා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී තමන්ගේ කනස්සල්ල පළ කළහ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔහුගේ නිවසේ සිට නින්දිත ලෙස අත්අඩංගුවට ගෙන දින 164 ක් ගත වී ඇත. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති අතර ඔහුගේ වරද දැක්වෙන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි පැවසෙන අනෙක් සෑම පුද්ගලයෙකුටම එරෙහිව චෝදනා ගොනු කර ඇති නමුත් බදියුදීන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ බැවින් එය පාර්ලිමේන්තු කටයුත්තක් වන අතර නඩුවට අදාළ විස්තර සහ සාක්ෂි ද ක්‍රියාකාරීව පාර්ලිමේන්තුව සමඟ හුවමාරු කර ගත යුතු බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ කොටසක් ද පාර්ලිමේන්තුවෙන් අත්හිටුවා ඇති බවත් නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හොඳ තීන්දුවක් ලබා දීම සඳහා එය නිදහස් කළ යුතු බවත් ඔහු පැවසීය.

පරීක්‍ෂණයට සම්බන්ධ නිලධාරීන් කඩිසරව හා වගකීමෙන් වැඩ කළ බවත් අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට උදව් කළ බවත් වික‍්‍රමසිංහ මහතා පිළිගත්තේය. ඔහු එවකට නීතිය හා සාමය භාර ඇමතිවරයා වූ අතර එම නිසා නිලධාරින් මත ඇති වන බර ගැන තමා දැනුවත්ව සිටි බව කියා සිටියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට හේතු ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් කථානායකවරයාට ඇති බවයි. බදියුදීන් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටින බවත්, බ්‍රිතාන්‍ය ස්ථාවර නියෝග වල දක්වා ඇති ක්‍රියා පටිපාටියටත් මේ සම්බන්ධව අදාළ විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ සඳහා පාර්ලිමේන්තුවේ කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ තමා මේ සම්බන්දයෙන් ඉල්ලීමක් කළා කියන්නේක. නමුත් වෙනත් ආකාරයකින් එම ප්‍රශ්නයට වගකීමෙන් එතුමා ප්‍රතිචාර නොදැක්වූය.

  • ආර්.රිෂ්මා

Related posts

රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

ණය ගැන චීනයේ ස්ථාවරය

Mohamed Dilsad

Leave a Comment