දේශීය

පැන්⁣ඩෝරා ලේඛන ගැන විමර්ශණ කරන්න – TISL

(UTV | කොළඹ) – පැන්ඩෝරා ලේඛන මගින් හඳුනාගෙන ඇති කිසියම් හෝ ධනයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් අවභාවිතයෙන් උපයා ගෙන තිබේදැයි සොයා බැලීම සඳහා මෙරට අභ්‍යන්තර වශයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරනවා.

ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පැන්ඩෝරා ලේඛන මගින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳව ස්වාධීන විමර්ශනයන් කඩිනමින් සිදු කල යුතු බවයි.

එමෙන්ම අදාල චෝදනාවට ලක්වන හිටපු අමාත්‍යවරියට අදාළව දැනට පවතින විමර්ශන, නීති ක්‍රියාත්මක කරන අධිකාරීන්ට සහ අධිකරණයට කිසිදු බාහිර බලපෑමකින් හෝ අතපෙවීමකින් තොරව සම්පූර්ණ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි.

Related posts

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

පැරෂුට් අනතුර ගැන ‍සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

Mohamed Dilsad

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

Leave a Comment