ගොසිප්දේශීය

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

(UTV | කොළඹ) – ලොව පුරා සිටින කෝටි ප්‍රකෝටි පතියන්ගේ සැඟ වූ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනාත්මක තොරතුරු ඇතුලත් ලිපි ගොනුවේ නම සඳහන් වූ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිරු නඩේෂන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ තමන් සහ තමන්ගේ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ ගේ සැඟවුූ මුදල් ගිණුම් සහ වත්කම් විදේශයන්හි ඇති බවට අදාළ පත්‍රිකා ගොනුවෙහි සටහන් ව ඇති බවයි.

එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී බවත් ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවත් මෙම ලිපිය හරහා තිරු නඩේෂන් ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

උද්ගතව ඇති තත්ත්වය යටතේ ඔහු ජනාධිපතිවරයාගේගෙන් ඉල්ලා සිටින්නේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර තමන් සහ තම බිරිඳගේ කීර්ති නාමයන් පිරිසිදු කර කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.

එල්ල කෙරෙන චෝදනා හේතුවෙන් සිය බිරිඳ සහ තමා බරපතළද කම්පනයකට ලක්ව ඇති බවත් දැඩි මානසික ව්‍යාකූල තත්වයකින් සිටින බවත් මෙම ලිපියේ සඳහන්.

ඔහු කියා සිටින්නේ අප දැනටමත් වැරදිකරුවන් ලෙස තීන්දු කර ඇති බවයි.

මේ හරහා නීතිය හමුවේ වරදකරුවකු වන තුරු නිර්දෝෂි භාවයේ අයිතිය කණපිට පෙරළී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

තිරු නඩේෂන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

Related posts

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

මානව හිමිකම් කඩ කළ පොලිස්කාරයෙක් එළියට දාන්න අධිකරණයට පුළුවන් – බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා

Editor O

Leave a Comment