ගොසිප්

‘මා බේරාගන්න’ : තිරුකුමාර් නඩේසන්ගෙන් රනිල්ට ලිපියක්

(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක් හෙළිදරව් වී ඇත.

තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් තමා නිර්දෝෂී බව එම ලිපිය මගින් ප්‍රකාශ කරනු ඇතැයි අනාවරණය වී තිබේ. තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබාදුන් මල්වානේ මන්දිරය පිළිබඳව ඔහු මෙම ලිපියෙන් හිටපු අගමැතිවරයාව දැනුවත් කර තිබේ.

2016 ඔක්තෝබර් 15 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් තිරුකුමාර් නඩේසන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ තමාට අයත් දේපොළක නිවසක් තනා ඇති බව ජනමාධ්‍ය ඔසසේ වාර්තා කරන තුරු තමා නොදැන සිටි බවයි. පසුව ‘ඔහුගේ නමට හා කීර්ති නාමයට’ හානියක් නොවන ලෙස එම ඉඩම විකුණා දැමූ බවද ලිපියේ සඳහන් වේ.

‘‘මම අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නැති බවත්, මා හට සාධාරණය ඉටු කරන ලෙසත්, එසේ සිදුකළහොත් තමා කෘතඥ වන බවත් මම ප්‍රකාශ කරමි’‘ යැයි එම ලිපියේ සටහන් කර ඇත. එසේම මෙම නඩුව ගොඩනගා ඇත්තේ විශ්වාස කළ නොහැකි සාක්ෂි මත පදනම්ව බවත් තිරුකුමාර් නඩේසන් හිටපු අගමැතිවරයාට පවසා තිබේ.

Related posts

මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]

Mohamed Dilsad

අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවේ

Mohamed Dilsad

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment