ගොසිප්

දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද මට අත්දැකීම් අඩුයි – ජනපති පිළිගනී

(UTV | කොළඹ) – තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Related posts

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

Mohamed Dilsad

බත්තරමුල්ලේ යාචකයින් අතරටත් කොරෝන

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ රට ගිය හේතුව නාමල් හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment