ගොසිප්දේශීය

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනාට නඩුවක් දැම්මා කාන්තාවක් දූෂණය කළා කියලා. අන්තිමට බලද්දී වෛද්‍ය වාර්තාව ආවම අදාළ කාන්තාව කන්‍යාවක් මේවා දේශපාලන පලිගැනීමක් යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් මහතා බන්ධනාගාර ගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන බවට කථානායකතුමා පසුගිය සභාවාරයේදී සඳහන් කළා. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම කතානායකතුමාට තියෙනවා.”

“රිෂාඩ් මන්ත්‍රීතුමා ඉන්න කුටිය හවස 5ට වහනවා. එතුමාට මුත්‍රා කරන්න දෙන්නේ බෝතලයක්. ඉස්ලාම් ආගම අනුව රාත්‍රී කාලයේ දෙවරක් යාඥා කරනවා. ඒ සඳහා වතුර ඕන. මේක ආසාධාරණයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. එයාට ගෙදරිනුත් කෑම ගේනවා. දේශපාලන වශයෙන් නඩු දැම්මාම මේකයි වෙන්නේ. ආණ්ඩුවේ උපදෙස් අනුව පොලීසිය වැඩ කරනවා.”

“රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා කාන්තාවක් දූෂණය කළා කියලා. සති ගණනක් බන්ධනාගාර ගතව සිටියා. වෛද්‍ය වාර්තාව ආවම අදාළ කාන්තාව කන්‍යාවක්. ඒ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්. රිෂාඩ් මන්ත්‍රීතුමාට විරුද්ධව අබමල් රේණුවකවත් සාක්කියක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරමින්, කරන මේ රඳවා ගැනීම හෙළා දකිනවා.”

එමෙන්ම, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ ඉශාලිනි නම් තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ හිටිය ඉස්මත්දීන්, 2016 වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ රාමචන්ද්‍රන් ශෂී කුමාරි නමැති තරුණියක් දුෂණය කර ඇති බවට ද පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණ.

කෙසේවුවද එම තරුණිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, එම තරුණියගේ කන්‍යා පටල ප්‍රවේශයක ලක්ෂණ නොමැති බවයි. ඒ සම්බන්ධ වාර්තා පසුගියදා 16 දා (16-07-2021) අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇත.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අගෝස්තු 16 දා නියෝග කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා තරුණියක් දුෂණය කර ඇති බවට පුවත් සිරස්තල පලකළ මාධ්‍ය, අධිකරණය විසින් ඔහුට ඇප ලබාදීමට හේතුවූ කාරණය වසන්කරනු ලැබිය.

අධිකරණ වාර්ත්තාව පහතින්;

police info

  • ආර්.රිෂ්මා

Related posts

ඉන්ධන මිල වැඩි කරයි

Mohamed Dilsad

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරුන් අද විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment