දේශීය

මානව හිමිකම් ප්‍රතිසංස්කරණයන් සඳහා රජයේ අවධානය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිරිහීම පිළිබඳව යුරෝපා සංගමය මත මානව හිමිකම් නිරීක්‍ෂණ සංවිධානයෙන් (Human Rights Watch) එල්ල වූ බලපෑම් සැලකිල්ලට ගනිමින් පසුගිය සති කිහිපය තුළ යම්කිසි මට්ටමක ප්‍රතිසංස්කරණයන් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා රජය අවධානය යොමු කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහන සහ එයින් ලැබෙන වාණිජ ප්‍රතිලාභ ලබාගැනීමට, මානව හිමිකම් පිළිබඳ කැපවීමට අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාවට පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසට මානව හිමිකම් සංවිධානය යුරෝපා සංගමයට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වරින් වර ඇගයීම හා සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය මානව හිමිකම් සංවිධානය අවධාරණය කළේය.

නීතිවේදීන් පැවසුවේ රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් මෑතකදී පිහිටුවන ලද බවයි.

ආරක්‍ෂක අමාත්‍යවරයාට කිසිදු ආකාරයක සාධාරණීකරණයකින් තොරව වරෙන්තු නිකුත් කර දින නියමයක් නොමැතිව තම රැඳවුම් භාරයට ගැනීමට හැකි නීතිය 1988 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කළ බව වාර්තා වේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

අද දිනයට නියමිත විදුලි කප්පාදු කාලසටහන නිකුත් කරයි

Mohamed Dilsad

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

කොළඹ බෝධිරාජ මාවතේ ඉඩමක තිබී කිලෝ 75ක බෝම්බයක් හමුවෙයි.

Editor O

Leave a Comment