ක්‍රීඩා

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

(UTV | කොළඹ) – පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා නම් කරන ලද විනිසුරුවරුන් සහ තීරකවරුන් අතරට කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ලේ යන මහත්වරුන්ද ඇතුළත්ව සිටිනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවරුන් 12 දෙනෙකු සහ තරග තීරකවරුන් සිව් දෙනෙකු ඇතුළත්ව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලි විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවුණු රුචිර පල්ලියගුරුගේ මහතා මෙවර තරගාවලියේ විනිශ්චය සඳහා තෝරා ගෙන නැහැ.

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 දක්වා වූ කාල සීමාවේදී මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගමාලාව පැවැත්වෙනු ඇති.

Related posts

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ජුනි 7 ඇරඹෙයි

Mohamed Dilsad

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Mohamed Dilsad

Leave a Comment