දේශීය

නිරෝධායන නීති කැඩූ පිරිස 80,560 දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 80 560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළ තවත් පුද්ගලයින් 85 දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පළාතට ඇතුලුවන පුද්ගලයින් 1446 ක් හා වාහන 818 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින්926 ක් හා වාහන 549 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 273 ක් හා වාහන 157 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කළේ.

Related posts

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment