දේශීයවිදෙස්

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

(UTV | ඉන්දියාව) – වසරකට වැඩි කාලයක් දේශ සීමා වසා තැබීම අවසන් කරමින් අද සිට නැවතත් විදේශිකයන්ට රටට ඇතුලුවීමට ඉන්දියාව අවසර දී තිඛෙනවා.

කෙසේවෙතත් පළමු අධියරේදී පැමිණිමට අවසර ලැබී ඇත්තේ කුලී ගුවන් යානා මගින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයන්ට පමණයි.

සාමාන්‍ය මගී ගුවන් යානා හරහා පැමිණෙන පුද්ගලයන්ට නොවැම්බර් 15 වනදා සිට රටට ඇතුලුවීම සඳහා අවසර දෙන බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දීය රජය තීරණය කලේ සියලු විදේශිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමටයි.

අද සිට නැවතත් සංචාරක වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමටද ඉන්දියාව තීරණය කර තිඛෙනවා.

Related posts

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

පොල් සහ හාල්වලින් කොමිස් යන්නේ කාටද ? – හිටපු ඇමති ඩීවී චානක ප්‍රශ්න කරයි

Editor O

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළිදැක්වේ.

Editor O

Leave a Comment