දේශීය

තිරුකුමරන් නඩේෂන් යළිත් අල්ලස් කොමිසමට

(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා.

ඒ, එම කොමිසම සිදු කළ කැඳවීමකට අනුවයි.

අද පෙරවරුවේ තිරුකුමාර් නඩේෂන් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය සිකුරාදා තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.

Related posts

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

Mohamed Dilsad

ආනයනික සහල් බද්ද අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment