දේශීය

පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි

(UTV | පොළොන්නරුව) – පොළොන්නරුව ආශ්‍රිත ගම්මාන වලට නිතර සිදුවන වන අලින් ගම් වැදීම හේතුවෙන් එහි වැසියන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබේ.

ගම් වදින වන අලින් විසින් ගැමියන්ගේ නිවාස කඩා බිද දමා, ධාන්‍ය විනාශ කිරීමේ තත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙති.

වන විනාශය හේතුවෙන් වන සතුන් හට ප්‍රමාණවත් පරිදි ආහාර සපයා ගත නොහැකි වීම මෙයට හේතුව වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් 50 ක් පමණ සහ අලි 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මරණයට පත් වෙයි.

අලින් වී වැනි ධාන්‍ය ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වන අතර ඉව ඔස්සේ වී ඇති ස්ථාන සොයා යයි. වී සුවඳ නිසා වී ගබඩාකර ඇති නිවාස වලට පහර දී, ධාන්‍ය සොරා ගනියි.

රාත්‍රි කාලයේදි බොහෝ විට පහරදීම් සිදු වන බවට ගැමියන් පවසන අතර, ඔවුන්ගේ ගැටළු විසදීමට සෑම රජයක්ම පොරොන්දු වූවත් මේ වනතෙක් එම ගැටළු වලට විසඳුමක් ලැබී නොමැත.

අලි ඇතුන්ට GPS කරපටි සවි කරන ලෙස ඔවුහු ඉල්ලා සිටි අතර, සතුන් සැරිසරන ස්ථාන නිවැරදිව හඳුනාගැනීම, මෙම ගැටළුව විසදීමට ඉවහල් වන බව ගැමියන් පවසයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

මිද්දෙණියේ දී සොයාගත් බහාලුම් දෙක, ජනවාරි මාසයේ රේගුවෙන් නිදහස් කරලා – ඇමති ආනන්ද විජේපාල

Editor O

මද්‍රාසා ආයතන රජයේ අනුමත අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කෙරේ

Mohamed Dilsad

පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි

Mohamed Dilsad

Leave a Comment