දේශීය

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) උදාසන 6න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 81,060ක්.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන පුද්ගලයින් 2548 දෙනෙකු ඊයේ දින මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 469 දෙනෙකු ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

Editor O

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

සුරාසල් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment