දේශීයව්‍යාපාරික

කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි මිලත් නගී

(UTV | කොළඹ) – කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රට තුළ ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට පමණක් කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දැනට වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මිල පසුගිය කාලසීමාව තුළ පැවතුණේ රුපියල් 500ක් ලෙසයි.

මීට අමතරව කුරුඳු කිලෝවක මිල ද රුපියල් 3,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කරාබුනැටි කිලෝවක මිල ද රුපියල් 1,400 දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1,250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, පුවක් කිලෝවක මිලද රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු ප්‍රධාන අපනයන භෝග මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා.

Related posts

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

කාලගුණයෙන් මහ වැසි ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment