දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයිනට

(UTV | කොළඹ) – මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31න් පළමු තොගය වන ලීටර් ලක්ෂය අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

මේ සදහා යොදාගෙන ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සදහන් කළේ, මෙම සතිය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් ලීටර් ලක්ෂ 4ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්වල ගොවි සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදෙනු ඇති.

මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එක්ව සිටියා.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්

Mohamed Dilsad

Leave a Comment