දේශීය

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

(UTV | කොළඹ) – මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා.

මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අලුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.

31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් අතරින් දෙවනියට උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය සුපරීක්ෂාව යටතේ පසුවන අතර, මෙම නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Related posts

අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේදී කොවිඩ් එන්තත්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

Mohamed Dilsad

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Mohamed Dilsad

Leave a Comment