දේශීය

කොළඹ ආයෝජනයන් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා පරදුවට තබන බවට නිරීක්ෂකයින් පෙන්වා දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙරළබඩ නගරයේ සිදු කෙරෙමින් පවතින ආයෝඡන ව්‍යාපෘති බොහෝ පැතිවලින් විශාල සමාජ හා ආර්ථික අසමතුලිතතාවක් ඇති කර තිබෙන අතර, හුදෙක් පොහොසතුන්ගෙන් 1% කට අවශ්‍ය සේවය ලබා දීම මගින් එය තහනම් නගරයක් ලෙස සැලකීමට පටන් ගෙන තිබෙන අතර, සෑම පැත්තකින්ම නගරයේ භූ දර්ශනයන් භූගෝලීය වශයෙන් වෙනස් වෙමින් තිබේ.

ගිවිසුම පිළිබඳ ලේඛනයක් ප්‍රකාශයට පත් නොකර හෝ නොපෙන්වා වෙරළබඩ නගරයේ දකුණු ප්‍රදේශය ආයෝජකයින්ට ලබා දීමේ ගිවිසුමකට රජය අත්සන් කර ඇති අතර එමඟින් මෙම ව්‍යාපෘතීන් මගින් සිදුව ඇති දූෂණ පිළිබඳ සාධාරණ සැකයක් මතු වී තිබෙන බවට, හිටපු කෝප් කමිටු සභාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

මෙම වෙරළබඩ නගර ව්‍යාපෘතිය සාර්ථක වූවද, රටේ ආර්ථිකයට සැබෑ ශක්තියක් නොවන බවට නිරීක්‍ෂකයින් විශ්වාස කරයි.

නමුත් එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ මූල්‍ය අංශයට සහ මුල්‍ය සේවා අංශයට පමණක් වන අතර, මෙම වක්‍රව ලැබෙන ප්‍රතිලාභය වනුයේ ශ්‍රී ලංකාව හුදෙක් චීනයේ හවුල්කරුවෙකු වශයෙන් පමණක් ප්‍රතිරූපයක් ගොඩ නැංවේ.

එමඟින් කලාපීය හා ගෝලීය තරඟකාරී බල අරගලයට ලංකාව වඩාත් ගොදුරු විය හැකි අතර එය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ඉදිරියේදී අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇත.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

Editor O

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment