දේශීය

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

(UTV | කොළඹ) – නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලැබෙනු ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී විශේෂයෙන්ම තීරණය කර තිබෙනවා උපකාරක පංති ආරම්භ කරන්න ළමයි 100ට වඩා අඩු උපකාරක පංති. ඒ සඳහා සෞඛ්‍ය නිර්ණායක ඉක්මනින්ම හදලා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් පළමුවෙනිදායින් පසුව උපකාරක පංති 100ට අඩු සීමාව තුළ ආරම්භ කරන්න. ඒ අනුව ඉතා ඉක්මනින් එළඹෙන 25වනදා වන විට කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක අපිට ලැබෙයි. ඒ අනුව අපි උපකාරක පංති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

Related posts

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට

Mohamed Dilsad

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment