දේශීය

ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට

(UTV | කොළඹ) – කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.

ඒ අනුව සිනෝෆාම් පළමු හා දෙවැනි මාත්‍රා ලබාගත් චීන ජාතිකයන් වෙත ඊයේ(22දා) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී එහි තෙවැනි මාත්‍රාව ලෙස සිනෝෆාම් එන්නතම ලබාදී තිබේ.

මෙම වැඩසටහන හෙට දිනයේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර කොළඹ වරාය නගරයේදී පළමු හා දෙවැනි මාත්‍රාව ලබාගත් චීන ජාතිකයන් වෙත එ හි තෙවැනි මාත්‍රාව මෙසේ ලබාගැනීමට අවස්තාව තිබේ.

මේ අනුව 3000කට ආසන්න චීන ජාතිකයන් පිරිසක් තෙවැනි මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇත.

Related posts

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව කටයුතු කළොත් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

මෙනින්ගොකොකල් ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ

Mohamed Dilsad

කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිනියක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment