ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානයේ සුපර්ලීග් වටයේ තරග අද සිට

(UTV | කොළඹ) – පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපර්ලීග් වටයේ තරග අද ආරම්භ වනවා.

සුපර්ලීග් වටය අරඹමින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අද (23) පස්වරුවේ තරග බිමට පිවිසෙන අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද අද තරග බිමට පිවිසෙන්නේ සුපර්ලීග් වටයේ දෙවන තරගයට සඳහායි.

ශ්‍රී ලංකාව මුහුණදෙන සුපර්ලීග් වටයේ පළමු තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන්නේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

සුපර්ලීග් වටය සඳහා ‘එක’ සහ ‘දෙක’ යන කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම 12ක් තරග වදිනවා.

‘එක’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වදින්න අතර බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව එම කාණ්ඩයෙන් තරගවදින අනෙකුත් රටවල් වනවා.

‘දෙක’ කාණ්ඩයෙන් සුපර්ලීග් වටයේ දී තරග වදින්නේ ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, නැමීබියාව, පාකිස්ථානය සහ ස්කොට්ලන්තයයි.

සුපිරි 12දෙනාගේ වටයේ තරග ලබන මස 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර එක් එක් කාණ්ඩයන්ගේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 02 බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් පූර්ව වටයේ තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 10 සහ 11 යන දිනයන්හිදී.

මාසයකට ආසන්න කාලයක් දිවෙන මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ක්‍රිකට් ශූරයින් තීරණය කෙරෙන අවසන් මහා තරගය ලබන මස 14 වැනිදා ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Related posts

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි 20 තරගය අදයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟ දෙකක් මාරු වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment