දේශීය

වෙළඳපොළේ සීනි අර්බුදය

(UTV | කොළඹ) –  මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.

සති දෙකක් ඇතුලත සීනි ආනයනයට අවසර නොදුනහොත් රට තුළ සීනි හිඟයක් ඇතිවන බවටයි. සීනි ආනයනය සඳහා අවසර දීමට සති දෙකක් පමණ කල්ගතවීම වළඳපොළේ සීනි හිඟවීමට ප්‍රධානතම හේතුව බවයි ආනයනකරුවන් ද සඳහන් කළේ. මේ වන විටත් සීනි තොග ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග මෙරටට පැමිණීමට නියමිතයි. ඒ සඳහා ඩොලර් මිලියන 25 ක් අවශ්‍ය බවයි ආනයනකරුවන් සඳහන් කළේ.

Related posts

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකර ගත් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

Editor O

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment