දේශීය

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සදහා පනවා තිබූ සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ, එළිමහන් ක්‍රියාකාරකම් දිරිගැන්වීමට පියවර ගනිමින්.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගි වීමට අවසර හිමි වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහ මංගල උත්සවවල දී මත්පැන් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

එසේම ආපනශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

එළිමහන් උත්සව සදහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ද පුද්ගලයින් 100ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

නිළ රැස්වීම් සහ උත්සව සදහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට වන අතර, එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර තිබෙනවා.

මීට අමතරව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමා ද අද සිට ඉවත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

සති දෙකක් යන තුරු සමුහ රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment