දේශීය

සීනි හිඟයට විසඳුම් සොයන්න අද විශේෂ සාකච්ඡා

(UTV | කොළඹ) – මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණය ගෙන්වා ගැනීමට අදාළව අද සහ හෙට දිනවල ආනයනකරුවන් සමඟ සාකච්ඡා පවත්වන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එවන් පසුබිමක් තුළ වෙළපොළේ දින කිහිපයක සිට සීනි හිඟයක් නිර්මාණය වී ඇති අතර, ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170කට ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

Related posts

ඊයේ ආසාදිතයන් 662 අතරින් 502 දෙනෙකුම බස්නාහිර පළාතෙන්

Mohamed Dilsad

දික්වැල්ලේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

යාපනය – චෙන්නායි ඍජු ගුවන් ගමන් කඩිනමින් ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment