විදෙස්

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතා

(UTV |  සුඩාන) – කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගත් සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ.

විරෝධතාවයේ නිරත 7 දෙනෙකු හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගියේ ය.

තුවාල ලැබූ සංඛ්‍යාව, 140 කට අධිකයි.

ජෙනරල් අබ්දෙල් ෆටා ප්‍රමුඛ හමුදාව, සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට ගනු ලැබුවේ ඊයේ (25) උදෑසනයි.

අනතුරුව සිවිල් පාලනය විසුරුවා හරින බව ප්‍රකාශ කළ හමුදාව, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

එහෙත්, සුඩාන තොරතුරු අමාත්‍යාංශය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කළේ, ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ අගමැතිට පමණක් බවයි.

සුඩානයේ ගුවන් තොටුපළ වසා දමා ජාත්‍යන්තර ගුවන් ගමන් ද අත්හිටුවා ඇත්තේ අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකතන සබඳතා ද අවහිර කරමිනි.

හමුදා පාලනයට එරෙහි වූ සුඩාන මහ බැංකු කාර්ය මණ්ඩලය ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හදිසි අවස්ථාවලදී හැර රෝහල්වල ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී ඇත .

නිවාස අඩස්සියේ සිටින සුඩාන දේශපාලන නායකයින් නිදහස් කරන්නැයි, ජාත්‍යන්තරය ද එරට හමුදා පාලකයින්ගෙන් ඉල්ලා කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය මෙන්ම අප්‍රිකානු සංගමය ද මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර අවසන් ය.

Related posts

කාශ්මීරයට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජේබි තවත් දරුණු වෙයි

Mohamed Dilsad

පැපුවා නිව්ගිනියාවේ මිනිස් සංහාරයක්

Mohamed Dilsad

Leave a Comment