දේශීය

පී.එස්.එම්.චාල්ස්, මැතිවරණ කොමිෂන් සභාවට

(UTV | කොළඹ) – ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව අනුමැතිය දී තිබෙනවා.

ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළා.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් පී.එස්.එම්.චාල්ස් මහත්මිය කටයුතු කර තිබෙනවා.

මේ අතර වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා සුන්දරම් අරුමයිනායහම් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාවට ද පාර්ලිමේන්තු සභාව සිය එකගතාව පළ කර තිබෙනවා.

Related posts

කොරෝනා ආසාධිතයන් 72 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment