දේශීය

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

(UTV | කොළඹ) – අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය තීරණය කර ඇති බවය.

හිමිපාණන්ගේ අපවත්වීම සැල වූ වහාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇමතූ ජනාධිපතිවරයා අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන මාලිමාව ගැන, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් පැමිණිල්ලක්

Editor O

පනාගොඩ හමුදා කඳවුරේ ගිනිඅවි සහ පතරොම් සොරකමේ සියල්ල හෙළිවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක්, ඇමරිකා රජය විසින් අත්හිටුවයි

Editor O

Leave a Comment