දේශීය

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවමින් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නේනම් එම උත්සහයෙන් ඵලක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරනවා.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ රටේ බලශක්ති ක්ෂේත්‍රය විදේශයන්ට පැවරීමේ ආණ්ඩුවේ තීරණවලට එරෙහි අරගලවලදී අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත්වීමට සූදානම් නොමැති බවයි.

වරාය – ඉන්ධන – තැපැල් ඇතුලු ක්ෂේත්‍ර 12ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කරමින් ජනාධීපතිවරයා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පිළීබද මාධ්‍යයට අදහස් දක්වමින් රංජන් ජයලාල් මහතා මේ බව සදහන් කළා.

Related posts

මැතිවරණයට එරෙහිව ගොනු කල පෙත්සම් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

Leave a Comment