දේශීය

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

(UTV | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සය රාජ්‍ය ගෞරව සහිතව අද(31) පස්වරුවේ සිදු කෙරේ.

ඒ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ය.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජොත්සවය හේතුවෙන් අද ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර ඇත්තේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ය.

මේ අතර ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් කිරීම හේතුවෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට නුවර පාර, කැලණි පාලම “බේස්ලයින් පාර , බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය,ඩී එස් සේනානායක මංසන්ධිය ඇතුළු මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසීය පවසයි.

ඒ හේතුවෙන් ආදාහන පෙරහැර ගමන්ගන්නා කාලය තුළ එම මාර්ග මහහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අවුරුදු 84 ක් ආයු වැළදූ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් පසුගිය 27 වැනිදා රාත්‍රියේ අපවත් විය.

Related posts

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

Mohamed Dilsad

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

Leave a Comment