දේශීය

ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු එන්නත්වල බල බිඳින අලුත් ප්‍රභේදයක්

(UTV | කොළඹ) – A.30 යනුවෙන් හඳුවන කොවිඩ් ප්‍රභේදයට ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් වලින් ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීමට හැකියාවක් ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ (30දා) හොරණ දී පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 50වෙනි රාජ්‍ය ඔසුසල ශාඛාව හොරණ නව බස් නැවතුම්පල සංකීර්ණයේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

“ඒ 30 යනුවෙන් හඳුන්වන ප‍්‍රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තාවුණ දෙයක්. නමුත් නව සොයා ගැනිමක් තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්‍ෂාව කඩන්න පුඑවන් කියලා.

ඒ පිළිබඳව යුරෝපීය සහ ඇමරිකානු රටවල්වල අවධානය යොමුකරලා තිබෙනවා. මේ පිළිබඳව අපිත් අවධානයෙන් ඉන්නේ. එන්නත්කරණය කලා කියලා වැඩ කළොත් අපිත් අමාරුවේ වැටෙන්න පුඑවන්.

සති කිහිපයකට පෙර තත්වය සහ වත්මන් තත්වය දිහා බැලුවාම කොවිඞ් රෝගීන් සහ මියයන සංඛ්‍යාව යම් පාලනයක තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. කොවිඩ් අමතක කරලා සම්පූර්ණයෙන්ම අවසන් කියලා වැඩකරන්න ගියොත් තව සති හතරකින් විතර අපිට ආයෙත් ප‍්‍රතිඵල භුක්ති විඳින්න සිදුවෙනවා. අපි කිව්වා මතකයි ජුලි මාසෙ දෙවෙනි සතියෙත් වැඩිය නටන්න එපා තව සති හතරක් වෙනකොට මේකෙ ප‍්‍රතිඑල එනවා කියලා. කිව්වා වගේම දවසට 200ක් මිය යන තත්වයට ආවා. දැන් එන්නත් ගැහුටව පස්සෙ හිතනවා දැන් ඕනෙ නැටුමක් නටන්න පුඑවන් කියලා. අදටත් හැම වයස් කාණ්ඩායකම සෑහෙන පිරිසක් ඉන්නවා එන්නත් නොහපු අය. මේ පිරිස් ලෙඩ වෙන්න පුඑවන්.”

Related posts

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

Mohamed Dilsad

දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට වැටුපට අමතරව තවත් දීමනාවක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment