දේශීය

රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි – යුද හමුදාපති

(UTV | කොළඹ) – තවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (01) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී රණවිරුවන් ට බූස්ටර් එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“රටේ ජනතාව බොහෝ කැපකිරීම් කරලා තමයි මේ තත්ත්වය වුවත් අපට ලබාගැනීමට හැකි වුණේ. රටේ ජනතාව කොහොමත් බුද්ධිමත්. ඔවුන් ක්‍රියාකරපු විදියට තමයි මේ තත්ත්වයට හෝ පාලනය කරගැනීමට හැකි වුණේ.

මේ වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා 2කම ලබාදීලා තියෙනවා වයස අවුරුදු 16ට වැඩි හා සියලුදෙනා මාත්‍රා එකක් හෝ ලබාදීලා තියෙනවා. මෙවැනි පසුබිමක් යටතේ කොවිඩ් ආසාදිතයින් 500ක් 600ක් හමුවන පසුබිමක දී අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව රටේ ජනතාව ක්‍රියාකළ යුතුව තිබෙනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී මෙම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමට පවා හැකියාවක් තියෙනවා.
විශේෂයෙන්ම ඊයේ දිනයේ දී පළාත් අතර සංචරණ සීමාවන් මාස කිහිපයකට පසුව ඉවත් කරනු ලැබුවා. රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා විශේෂයෙන් ම සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් ම කොවිඩ් රටෙන් ඉවත් වූ බවට සහතිකයක් නෙමෙයි.

ඒ නිසා කොවිඩ් රටේ තිබෙන නිසා ආසාදිතයින් දිනපතා හමුවන නිසා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැලඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා.”

Related posts

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

දිවයින පුරා සියලු මත්පැන්හල්වලට මුද්‍රා තැබේ

Mohamed Dilsad

Leave a Comment