විදෙස්

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

(UTV |  චීනය) – හදිසි අවස්තාවකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි චීන රජය විසින් එරට මහජනතාවට දැනුම්දී තිබෙනවා.

චීනයේ වෙළද අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය කර ඇති අතර කෙසේ වෙතත් ඉට හේතුවක් මේ දක්වා ප5කාශයට පත්කර නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග පුලුල් කරන ලෙසත් මිල ගණන් ස්තාවරව පවත්වාගෙන යන ලෙසත් චීන රජය මේවනවිට නියෝග කර තිබෙනවා.

කොවිඩ් වසංගතය යලි ක්‍රමයෙන් හිස එසවීමත් සමග චීනයේ ප්‍රදේහ කිහිපයක් මේවනවිට ලොක්ඩවුන් තත්වයේයි පවතින්නේ. එමෙන්ම අයහපත් කාළගුණයෙන් චීනයේ ප්‍රදේශ රැසක වගාඅස්වැන්නට දැඩි හානි සිදුව ඇති බවද විදෙස් වාර්තාවල සදහන්.

Related posts

ඇමරිකාව රුසියාවට සම්බාධක පනවයි

Mohamed Dilsad

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්

Mohamed Dilsad

Leave a Comment