දේශීය

විප්ලවීය වෙනස කළොත් ගොඩක් අයට රිදෙයි

(UTV | කොළඹ) – සෞභාග්‍යයේ මං පෙත් විප්ලවය යටතේ වැඩ නිම කළ මාර්ග 1500 ක් එකම දිනක දී විවෘත කිරීමේ ජාතික උත්සවය වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේ දී ඊයේ(06) පස්වරුවේ පැවැත්විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපර්ට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කළ මාර්ග 1500 ක් අද මෙලෙස විවෘත කෙරිණ.

ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සභාපති හාර්ට්විග් ෂෙෆර් වික්ෂේපර් ඇතුළු මහත්මීහු එක්ව සිටියහ.

කොවිඩ් සමග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා උත්සවය අමතමින් අදහස් පළ කළේ ය.

Related posts

බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

රටේ ආර්ථිකය, අර්බුදයක් කරා ගමන් කරනවා. විදේශ සංචිත අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

ආපදා හේතුවෙන් මානසික පීඩනයට පත්ව සිටීනම් 1926 අමතන්න

Editor O

Leave a Comment