දේශීය

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

(UTV | කුරුණෑගල) – අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණිය අවුරුදු 23ක් වු වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බවය.

අනතුරින් මවට සහ සොහොයුරා ට තුවාල සිදුවී නොමැති අතර, අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පසුබායි : විපක්ෂ කණ්ඩායම්වල ජන ප්‍රසාදය ඉහළට

Editor O

අස්වැසුම ගැන හොයන්න කමිටුවක්

Editor O

Leave a Comment